රුසියාව - යුක්‍රේන අර්බුදය 12 වැනි දිනයටත් එළඹෙයි

මාර් 08, 2022

    රුසියාව - යුක්‍රේන අර්බුදය 12 වැනි දිනට එළඹ තිබේ. රුසියානු හමුදාව, යුක්‍රේනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම මේ වන විට දැඩි කර ඇති බවයි, වාර්තා වන්නේ.

    රුසියානු හමුදාව, යුක්‍රේනයේ ඉලක්ක රැසකට ඊයේ මිසයිල සහ රොකට් ප්‍රහාර එල්ල කරයි. එහි ඉලක්කය වී ඇත්තේ, එරට උතුරු සහ දකුණුදිග ප්‍රදේශයයි.

    රුසියානු හමුදාව මේ වන විට කියෙව් අගනුවර අත්පත් කර ගැනීමේ සටන් ආරම්භ කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අර්බුදය සම්බන්ධ තෙවැනි වටයේ සාකච්ජා බෙලරුස්හිදී ඊයේ පැවැත්විණ. එහිදී, දෙපාර්ශවය එකඟතා කිහිපයකට පැමිණ තිබේ.

    සරණාගතයින්ට රටින් පිටව යාමට අවශ්‍ය පහසුකම් සළසා දීම සහ ඔවුන්ට ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ලබාදීමට සහය වීම, ඒ අතරින් ප්‍රධානයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ සම්බන්ධයෙන් සහයෝගය පළකර තිබේ.

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 11:44

    Latest News