කාම්බෝජයේ අනපේක්ෂිත කිඹුල් ප්‍රහාරය

මැයි 27, 2023

    කිඹුලන් ඇති කරන ගොවිපොළක හිමිකරුවෙකු, කිඹුලන් 40 ක‍ගේ ප්‍රහාරයකින් මිය යාමේ පුවතක් කාම්බෝජයෙන් වාර්තා වනවා.

    කිඹුලන් සිටින ස්ථානයට හදිසියේ ඇද වැටීමෙන්, ඔහු ප්‍රහාරයට ලක්ව ඇති බවයි එරට ප්‍රාදේශීය පොලිසිය පවසන්නේ.

    උතුරු කාම්බෝජයේ 72 හැවිදිරි ලුආන් නාම් නමැති කිඹුල් ගොවිපොළෙහි හිමිකරු බිත්තර දැමීමට ආසන්න කිඹුල් ගැහැණු සතෙකු කූඩුවෙන් පිටතට ගෙන යාමට උත්සාහ කර තිබෙනවා. එහිදී ඔහු හදිසියේම අනෙකුත් කිඹුලන් සිටි ස්ථානයට ඇද වැටී ඇති බවයි, ප්‍රාදේශීය පොලීසිය පවසන්නේ. කිඹුලන් 40 කට මැදිව අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ ගොදුරක් බවට පත් වූ නාම්ගේ සිරුරෙහි, එක් අතක් ද කිඹුලෙකු විසින් ගිලදමා තිබූ බව පොලීසිය සඳහන් කරනවා. ලුආන් නාම් ප්‍රාදේශීය කිඹුල් ගොවි සංගමයේ සභාපතිවරයා ද වූ බවයි වාර්තා වන්නේ.

    Latest News