අමෙරිකාවේ ටෙක්සාස් හි වෙඩි තැබීමකින් 8 ක් මරුට

මැයි 07, 2023

    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.

    එම ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයකට ඇතුලුවූ තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි ප්‍රාන්ත බලධාරින් පවසන්නේ.

    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්‍තයේ ඇලන් නගරයේ වෙළෙඳ සංකීර්ණයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසනවා. මියගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටින බවයි වාර්තාවන්නේ. වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. වෙළෙඳ සංකීර්ණය තුල සිටි සිය ගණනක් ජනතාව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත් බව ප්‍රාන්ත බලධාරින් පසනවා. තුවක්කුකරු පොලිස් වෙඩි ප්‍රහාරවලින් එම ස්ථානයේදීම මියගිය බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    Latest News