නිව්යෝර්ක්හි වෙඩි තැබීමකින් 10 ක් මරුට...

මැයි 15, 2022

    අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි සුපිරි වෙළෙඳසැලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

    නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ, ඊයේ සිදුවු මෙම වෙඩි තැබීම වර්ගවාදය පදනම් කරගත් ද්වේශ සහගත අපරාධයක් බවයි. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ 18 හැවිරිදි සුදු ජාතික තරුණයෙක්. වෙඩි තැබීමෙන් 10 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    ඉන් බහුතරයක් කළු ජාතික පුද්ගලයින්. සැකකරු වෙඩි තැබීමේ අරමුණින් නිව්යෝර්ක් ප්‍රාන්තයේ කලු ජාතිකයින් බහුල ප්‍රදේශයකට සැතපුම් 200ක පමණ දුර සිට පැමිණ ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. ඔහු වර්ගවාදී ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරමින්, මෙම වෙඩි තැබීම සජීවීව විඩියෝගත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙඩි තැබීමේ සිද්ධිය පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස හෙළා දැක තිබෙනවා.

    Latest News