ටියුනීසියානු මරණයේ වෙරළ තීරය

අප්‍රේ 29, 2023

    පසුගිය දින 10 ඇතුළත ටියුනීසියාවේ වරායවල් ආශ්‍රිතව සරණාගතයින්ගේ මළ සිරුරු 200කට වැඩි ප්‍රමාණයක් එරට වෙරළාරක්ෂක බලකායට හමුවී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    සිරියාව, ලිබියාව සහ අප්‍රිකානු රටවල්වලින් පලායන සරණාගතයින්, ඉතාලිය වෙත යාම සඳහා ටියුනීසියාව හරහා ඇති මුහුදු බඩ මාර්ගය භාවිත කිරීමට උත්සහ දරනවා. ඒ, ටියුනීසියාවේ වෙරළ තීරයේ සිට ඉතාලියේ "ලැම්පෙදුසා" දිවයිනට කිලෝමීටර් 150කට අඩු දුරක් වීම හේතුවෙන්.

    එම උත්සාහය බාහෝ දුරට අවසන්වන් වන්නේ ඉතා අනපේක්ෂිත බෝට්ටු අනතුරුවලින්. පසුගිය මාස කිහිපයේදී පමණක් මෙම මුහුදු ප්‍රදේශයේ සරණාගතයින් රැගත් බෝට්ටු අනතුරට ලක්වීම හේතුවෙන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමිවී තිබූ බව, විදෙස් මාධ්‍ය නිරන්ත‍රයෙන් වාර්තා කර තිබුණා.

    ඉකුත් අප්‍රේල් 20 වැනි දින සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 20 දෙනෙකු මිය ගියා. ආර්ථික හා සමාජ අයිතීන් සඳහා වූ ටියුනීසියානු සංසඳය පවන්නේ, මේ වසරේ අප්‍රේල් 24 වැනිදා දක්වා අවම වශයෙන් සරණාගතයින් 220ක ප්‍රමාණයක් මියගොස් හෝ අතුරුදන් වී ඇති බවයි. ඉතාලිය මෙන්ම යුරෝපා රටවල්වලට පලායාමට උත්සහ දරණ විශාල සංඛ්‍යාවක් අප්‍රිකානු කලාපයට අයත් රටවලින් පැමිණි පිරිස් බවයි, එම සංසදය අවධාරනය කර සිටියේ.

    Latest News