ඊශ්‍රාය‍ලයේ ප්‍රහාරයකින් විදෙස් සංචාරකයෙක් මරුට

අප්‍රේ 08, 2023

    මැදපෙරදිග කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


    ඊශ්‍රාය‍ලයේ “ටෙල් අවීව්” නගරයට එල්ල වූ ප්‍රහාරයකින්, විදෙස් සංචාරකයෙක් මිය ගිය බවයි, එම මාධ්‍ය සඳහන් කරන්නේ.

    ඊශ්‍රායලයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් වන ‍“ටෙල් අවීව්” නගරයේ දෙස් විදෙස් සංචාරකයින් අතර වඩාත් ජනප්‍රියවෙරළ උද්‍යානයකදී මෝටර් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් 30 හැවිරිදි ඉතාලි ජාතික සංචාරකයෙකු මියගොස් තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ, ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි. මෙය, ත්‍රස්ත ප්‍රහාරයක් බවට ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පවසනවා. ඊශ්‍රායල අරාබි ජාතිකයෙකු මෙම ප්‍රහාරය සිදු කළ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි, එරට ආරක්ෂක අංශ පවසන්නේ. ප්‍රහාරය
    සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදු කරන බවද, ඔවුන් සඳහන් කරනවා.

    Latest News