හොර බෝට්ටු ගමනේ ඉරණම

මාර් 27, 2023

    ටියුනිසීයානු මුහුදු තීරයේ සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා ‍2 ක් ගිලී යාමෙන් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.

    ඉකුත් සතිය තුළ මෙම මුහුදු සීමාවේ ගිලී අනතුරට පත් වූ බෝට්ටු සංඛ්‍යාව 5 ක් බව බලධාරීන් කියා සිටිනවා.

    නීති විරෝධිව ඉතාලිය බලා සංක්‍රමනය කරමින් සිටි අප්‍රිකානුවන් පිරිසක් අනතුරට පත් යාත්‍රාවේ ගමන් කරමින් සිට තිබෙනවා.

    ටියුනිසියාව, ඉතාලිය ඇතුලු යුරෝපා රටවල් කරා සංක්‍රමණය වීමට හැකි මධ්‍යස්ථානයක් ලෙස සැලකෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ‍ලේඛනවලට අනුව මෙම වසර තුළ ටියුනිසියාවේ සිට ඉතාලියට සංක්‍රමණය වූ සංඛ්‍යාව 12,000 කට අධික බව බලධාරීන් කියා සිටිනවා.

    පසුගිය දින 4 ක කාල සීමාව තුළ සංක්‍රමණික යාත්‍රා 80 ක් පමණ ටියුනිසියානු වෙරල ආරක්ෂක නිලධාරීන් භාරයට ගෙන තිබෙන අතර සංක්‍රමණිකයින් 30,000 ක් පමණ ටියුනිසියානු ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා.

    Latest News