අඩු වූ ලෝක තෙල් මිලේ සුළු වැඩි වීමක්

මාර් 23, 2023

    සතියේ මුල් දින කිහිපයේ පහත වැටුණු ලෝක තෙල් මිල අද සුළු වැඩි වීමක් පෙන්නුම් කළා. ඒ, අමෙරිකානු මහා භාණ්ඩාගාරය පොලී අනුපාත ඉහළ නැංවීමත් සමගයි.

    බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.7 ක වැඩි වීමක් පෙන්නුම් කළ බවයි වෙළෙඳපොළ වාර්තා දැක්වෙන්නේ. එහි නව මිල ඩොලර් 79.67 ක්. ඩබ් ටී අයි බොරතෙල් මිල සියයට 1.6 කින් ඉහළ ගිය අතර එම බැරලයක මිල ඩොලර් 70.84 ක් ලෙස සටහන් වුණා. උද්ධමනය පාලනය කිරීම සඳහා අමෙරිකානු මහා භාණ්ඩාගාරය පොලී අනුපාත ඉහළ නැංවීමට ඊයේ තීරණය කළා.

    Latest News