සිපෙට්කෝ මිල ඉහළ නගියි

සැප් 01, 2023

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිලගණන් සංශෝධනය කර තිබෙනවා. එය, ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මකයි.

    ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර, එම ලීටරයක නව මිල රුපියල් 361 ක් වනවා. රුපියල් 375 ක්ව පැවති ලංකා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 42 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එම ලීටරයක නව මිල රුපියල් 417 ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 306 සිට රුපියල් 341 දක්වා රුපියල් 35 කින් වැඩි කෙරුණා. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියලකින්. එම ලීටරයක නව මිල රුපියල් 359 ක් වනවා. ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 5 කින් වැඩි කර ඇති අතර, ඒ අනුව, රුපියල් 226 ක්ව පැවති එම ලීටරයක මිල රුපියල් 231 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන පිරවුම්හල්වලට දැනුම් දෙන්නේ, QR කේතය ට අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් අනිවාර්ය බවයි.

    Latest News