ඇෆ්ගන් පොළව සෙලවෙයි

මාර් 22, 2023

    ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 6.5 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

    භූ කම්පනයෙන් ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ 11 දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

    වයඹදිග පකිස්ථානයේ 9 දෙනෙකු මියගොස් ඇත්තේ, කඩාවැටුණු නිවාසවල සිරවීමෙන්.

    එම ප්‍රදේශයේ සියයකට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පකිස්ථානයේ කඳුකර ප්‍රදේශ රැසක් නායගොස් තිබෙනවා.

    මේ නිසා ආපදාවට පත් ප්‍රදේශ වෙත සහන සේවකයන්ට ගමන් කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

    භූ කම්පනය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී තිබෙනවා

    Last modified on බදාදා, 22 මාර්තු 2023 09:56

    Latest News