යුක්‍රේනයෙන් ත්‍රස්තවාදීන් අතට යන අවි

නොවැ 21, 2022

    යුක්‍රේනයට ලබා දෙන අවි ආයුධ ත්‍රස්තවාදීන් අතට පත් වීමේ අවදානමක් ඇතැයි, එක්සත් රාජධානිය පවසනවා. බටහිර රටවල් රැසක්  යුක්‍රේනයට විශාල වශයෙන් අවි ආයුධ ලබා දෙමින් සිටිනවා.

    අමෙරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි වටිනාකමකින් යුත් අවි ආයුධ සෑම මසකම යුක්‍රේනයට ලැබෙන බවයි, වාර්තා වන්නේ.

    මෙම අවි ආයුධ නිසි පරිදි නීත්‍යානුකූල හමුදා අතට පත් වීම පිළිබඳ ගැටලුවක් පැන නැගී ඇතැයි, බ්‍රිතාන්‍යය ප්‍රකාශ කළා.

    පමණ ඉක්මවා ලැබෙන අවි ආයුධ අතිරික්ත වූ විට, එම අවි ත්‍රස්තවාදීන් අතට පත් වීම වැලැක්විය නොහැකි බවයි, බ්‍රිතාන්‍ය අවධාරණය කරන්නේ.

    Last modified on සදුදා, 21 නොවැම්බර් 2022 12:51

    Latest News