අනවසර ගිනි අවි 200 ක් රජයට භාර දෙයි

පෙබ 19, 2020

    අනවසර ගිනි අවි 200 ක් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් බාර දී ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි 2020.02.05 වන දින සිට 2020.02.12 වන දින දක්වා දිවයින පුරා අනවසර ගිනි අවි රජයට භාර දීමේ වැඩසටහන දියත් කරන ලදි.

    ඒ අනුව බාර දෙන ගිනි අවි අතර බෝර 12 ගිනි අවි 137 ක් , බෝර 16 ගිනි අයි 15 ක් හා වෙනත් ගිනි අවි 20 ක් ඇතුළුව සම්පූර්ණ ගිනි අවි 200 ක් රජයට බාර දී තිබේ. වැඩිම ගිනි අවි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් ගෙනැවිත් බාර දී ඇත.

    අනවසර ගිනි අවි භාර දීම සදහා ලබා දී තිබු සහන කාලය තුළ ගිනි අවි භාර නොදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු මත විමර්හන සිදු කරන අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබේ.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 11:12

    Latest News