අපරාධ සඳහා යොදාගත් ආයුධ කිහිපයක් මීරිගමින්..

ජූලි 07, 2020

    විවිධ අපරාධ සඳහා යොදා ගත හැකි ආයුධ කිහිපයක් මීරිගම පල්ලේවෙල කුකුල්නාපෙ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පොලීසිය වැටලීම සිදු කළේය. බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනිඅවියක්,ජීව උණ්ඩ 4ක් කඩු දෙකක් හා මෙරට නිපදවූ විශේෂ ආයුධයක් ඒ අතර තිබූ බව, පොලීසිය පවසයි. ඒවා සඟවා තිබූ නිවසේ සිටි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනිණ.

    Last modified on අඟහරුවාදා, 07 ජූලි 2020 13:33

    Latest News