නවසීලන්තයේ රයිෆල් තහනමක්

මාර් 21, 2019

    අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි හා ප්‍රහාරක රයිෆල් තුවක්කු නවසීලන්තය තුළ තහනම් කරන බව, අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසයි.

    නවසීලන්තය තුළ ලක්ෂ 12 - 15ත් අතර ගිනිඅවි සංඛ්‍යාවක් භාවිතා වන බවයි, රජයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. ක්‍රයිස්චර්ච්හි පසුගියදා සිදුවූ වෙඩි තැබීමෙන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරයට යොදාගත් ගිනිඅවි භාවිතය සපුරා තහනම් බවයි, අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසන්නේ. නවසීලන්තයේ ගිනිඅවිවලට අදාළ නීති වෙනස් කරන ලෙසට රජයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 09:43

    Latest News