මෙවර "ජී 20" සමුළුවට පුටින් නැහැ

නොවැ 08, 2022

    ‍මෙවර "ජී 20" සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන බව, ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ පවසනවා.

    මෙවර සමුළුව පැවැත්වෙන්නේ, ඉන්දුනීසියාවේ "බාලි" දූපතේ. ‍සමුළුවේ සත්කාරකත්වය දරන්නේ, ඉන්දුනීසියාවයි. "ජී 20" ලොව ආර්ථිකමය වශයෙන් බලවත් රටවල එකමුතුව ලෙසයි, සැලකෙන්නේ. රුසියාවද එහි ප්‍රමුඛ සාමාජිකයෙක්. එහෙත්, මෙවර සමුළුවට රුසියානු ජනාධිපතිවරයා සහභාගී නොවන බව, දුරකථන ඇමතුමක් මගින් තමන් වෙත දන්වා සිටි බවයි, ඉන්දුනීසියානු ජනාධිපතිවරයා කියා සිටියේ. 

    රුසියා - යුක්‍රේන අර්බුදය ඊට හේතුව බව, වාර්තා වනවා. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු ලොව ප්‍රබල රටවල් රැසක නායකයින් මීට සහභාගී වනු ඇති. එම රටවල් සියල්ල රුසියා - යුක්‍රේන යුද්ධයේ දී රුසියාවට විරුද්ධව  ක්‍රියා කිරීම විශේෂත්වයක්.

    Latest News