පිලිපීනයේ ධාරානිපාත වැසි

ඔක් 28, 2022

    පිලිපීනයේ දකුණු දිග ප්‍රදේශයට ‍බලපා ඇති ධාරානිපාත වැසි හේතුවෙන් දැඩි ගංවතුර තත්වයක් හට ගෙන තිබෙනවා.

    පුද්ගල මරණ 31 ක් සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. ඊට අමතරව තවත් 9 දෙනෙකු අතුරුදන්. පුද්ගලයින් රැසක් නිවෙස් තුළ සිරවී සිටින අතර, විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ඉදිරි දින කිහිපය තුළ වර්ෂාපතනයේ යම් අඩු වීමක් සිදු විය හැකි බව, පිලිපීනයේ කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා.

    Latest News