2024 ලෝක කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමුළුව ශැංහයි නුවර දී

ජූලි 05, 2024

    2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹේ. එම සමුළු ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී ඇරඹිණ.

    චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඊට සහභාගි වෙමින් ‍අවධාරණය කළේ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ සංවර්ධනය උදෙසා විවිධ රටවලට සංවාද පැවැත්වීම සඳහා අවස්ථා උදා කර දීම අත්‍යවශ්‍ය බවයි. එම සහයෝගිතා ඔස්සේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පහසුකම් පුළුල් කොට ගෝලීය සංවර්ධනය හා ජනතා සුබසෙත සහතික කිරීමට චීනය සූදානම් බව ද හෙතෙම පැවසීය.

    බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණ සභාපති Luis Roberto Barroso මහතා සහ නව සංවර්ධන බැංකු අධිපතිනි Dilma Rousseff මහත්මිය ඇතුළු 1000 ක පමණ සම්භාවනීය පිරිසක් සමුළුවේ සමාරම්භක උළෙලට එක්ව සිටියහ.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

    චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News