ලෙබනනයේ ජනාධිපතිවරයෙකු තෝරා පත්කරගැනීම යළි කල් යයි

ඔක් 21, 2022

    ලෙබනනයේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමට යළි නොහැකි වී තිබෙනවා.

    පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි වූයේ අඛණ්ඩව තෙවැනි වරටයි.

    ලෙබනන කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ, ලබන සඳුදා යළිත් ඡන්ද විමසීමක් පවත්වන බවයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඡන්ද 65 ක් ලබා ගත යුතුයි. ලෙබනන පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 128 ක් වන අතර, ඉන් අඩකට වැඩි සංඛ්‍යාවක මනාපය ලබා ගත් තැනැත්තා ජනාධිපතිවරයා බවට පත්වනවා. මේ ආකාරයෙන් 2016 වසරේ දී ද, ජනාධිපතිවරයා ‍තෝරා ගැනීමේ දී එරට පාර්ලිමේන්තුව දැඩි ගැටලුවකට මුහුණ දුන්නා. එහිදී ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වසර දෙකක කාලයක් ගත වූ අතර, 46 වතාවක් ඡන්ද විමසීම පැවැත්වීමට සිදු වුණා.

    Latest News