චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රස විධායක මණ්ඩලයේ තුන්වන රැස්වීම චීන ජනපති ප්‍රධානත්වයෙන්

ඔක් 21, 2022

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ විධායක මණ්ඩලයේ තුන්වන රැස්වීම පැවැත්වෙයි.

    අද (21) උදෑසන බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණ.20 වන මධ්‍යම කාරක සභා අපේක්ෂක ලැයිස්තුව, ආදේශක අපේක්ෂක ලැයිස්තුව සහ විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ අපේක්ෂක ලැයිස්තුවමෙම රැස්වීමේදී සම්මත කෙරිණ.

    අද(21) පස්වරුවේ පැවති මහා සම්මේලනයේදී විවිධ නියෝජිත කණ්ඩායම් රැස්වීම් පවත්වමින්, සම්මත වූ අපේක්ෂක ලැයිස්තු පිළිබඳ සාකච්ඡා කර තිබේ. හෙට(22) උදෑසන, පූර්ණ සැසිවාරයට අදාළව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

    අරෝෂා සමරදිවාකර චීනයේ බීඡිං නුවර සිට.

    Latest News