නාසා “ඩාර්ට්” මෙහෙයුම සාර්ථකයි

ඔක් 12, 2022

    ග්‍රාහකයක ගමන් මග වෙනස් කිරීමට මෑතකදී ගත් උත්සහය සාර්ථක බව, නාසා ආයතනය පවසනවා.

    නාසා විද්‍යාඥයන් පවසන්නේ, මෙය අභ්‍යවකාශ ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් බවයි.

    “ඩිමෝර්පෝස්” ලෙස හඳුන්වන අඩි 529 ක ග්‍රාහකය, ඉකුත් සැප්තැම්බර් 26 වැනි දින “ඩාර්ට්” නැමති අභ්‍යවකාශ යානයේ ගැටෙන්නට සලස්වනු ලැබුවා. විද්‍යාඥයන් එම මෙහෙයුම සිදු කළේ, අභ්‍යවකාශ පරාසයන් හා පෘථිවි පාදක දූරේක්‍ෂ භාවිතයෙන් මිනුම් සිදු කිරීමෙන් අනතුරුවයි. තර්ජනාත්මක වස්තූන්ගෙන් පෘථිවිය ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක උපායමාර්ග සොයා ගැනීම, මෙහි අරමුණයි. ඩාර්ට්” යානය උපයෝගී කර ගනිමින් සිදු කළ මෙම මෙහෙයුම සාර්ථක වීම ඉදිරියේ දී තවත් එවැනි පරීක්‍ෂණ සිදු කිරීමට අඩිතාලමක් වනු ඇති. නාසා ආයතනය සෑම විටම පෘථිවියේ ආරක්ෂකයා ලෙස ක්‍රියා කරමින් මෙවැනි මෙහෙයුම් සිදු කරන බව, එහි පරිපාලක, බිල් නෙල්සන් ප්‍රකාශ කර තිබෙනවා. මෙම ග්‍රාහකයට වඩා විශාල ග්‍රාහකයක් වුවද, පෘථිවියට හානි කර තත්වයක් ඇති වන ආකාරයට ගමන් කළ හොත් එහි ගමන්පථය වෙනස් කිරීමට මෙවැනි මෙහෙයුම් සිදු කළ හැකි බව, නාසා ආයතනය අවධාරණය කරනවා.

    Latest News