නේපාලයට බලපෑ අධික ගංවතුරින් මිය ගිය පිරිස 33 කට අධිකයි

ඔක් 12, 2022

    නේපාලයට ඉකුත් සතියේ බලපෑ අධික ගංවතුර තත්වයෙන් මිය ගිය පිරිස 33 කට අධික බව, වාර්තා වනවා.

    ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි සමග හටගත් ගංවතුර තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැහැ.

    ගංවතුර සහ නාය අනතුරුවලින් නේපාලයේ ප්‍රදේශ රැසක ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. “කර්නාලි” පළාත වැඩිම බලපෑමට ලක් වූ ප්‍රදේශයක් වන අතර, එහි පදිංචිකරුවන් දහස් ගණනක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. නිවාස රැසක් මුළුමනින්ම විනාශ වී ගොසින්. එම ප්‍රදේශයේ පුද්ගයන් 22 දෙදෙනෙකු පමණ තවමත් අතුරුදන් බවයි, වාර්තා වන්නේ. අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවලට ළඟා වීම අතිශය දුෂ්කර වී තිබෙනවා . විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එම නිසා සහන සේවකයන් දැඩි අභියෝගාත්මක තත්වයකට මුහුණ පා සිටින බවයි.

    Latest News