"ඊයෑන්" ෆ්ලොරිඩාව කළඹයි

සැප් 29, 2022

    "ඊයෑන්" සුළි  කුණාටුවෙන් ‍එක්සත් ජනපදයේ නිරිතදිග ‍‍‍ෆ්ලොරිඩාවට ද, බලපෑම් එල්ල වී තිබෙනවා. ‍

    ප්‍රබල  කුණාටුව හේතුවෙන් එහි වීදී සහ ගොඩනැගිලි  රැසක් ගංවතුරින් යටවී ඇති අතර, මිලියනයකට වැඩි පිරිසකට විදුලිය විසන්ධි  වී ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    "ඊයෑන්" සිව් වැනි කාණ්ඩයේ ප්‍රබලත්වයකින් යුත් සුළි කුණාටුවක් ලෙසයි, වාර්තා වන්නේ. ‍මෙය ඊයේ සවස් කාලයේ දී අමෙරිකාවේ "කයෝකොස්තා" අසල වෙරළට ඇතුල් වූ බව, එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කළා.

    ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහා ගමන් කරන කුණාටුවේ සුළගේ  වේගය පැයට කිලෝ මීටර 240 ක් පමණ වන බව, වාර්තා  වනවා.

    දැඩි සුළං හා ධාරාණිපාත  වැසි හේතුවෙන් එක්සත් ජනපදයේ "ගල්ෆ්" වෙරළතීරය ආශ්‍රිත ප්‍රදේශය විනාශකාරී තත්වයක් ඇති වීමේ ඉහළ අවදානමක පවතින බව‍ට,  බලධාරීන් අනතුරු අඟවනවා.

    Latest News