බ්‍රසීල ෙය් මහ මැතිවරණයත් අත ළග

සැප් 29, 2022

    ‍බ්‍රිසීලයේ මහ මැතිවරණය එළඹෙන ඔක්තෝබර් මස දෙවැනිදා  පැවැත් වීමට නියමිතයි. එම මැතිවරණයෙන් එරට ජනාධිපති, උප සභාපති සහ ජාතික කොංග්‍රසය තෝරා පත් කර ගැනීමට නියමිතයි.

    බ්‍රිසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා, වත්මන් ජනාධිපති බොල්සනාරෝ වඩා ඉදිරියෙන් සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා‍.

    ඊයේ දින කරන ලද ජනමත විමසුමකදී හෙළි වී තිබෙන්නේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා එළඹෙන මහ මැතිවරණයේ පළමු වටයෙන් සියයට 46 ක ප්‍රතිශතයක් ලැබෙනු ඇති බව,  එම සමීක්‍ෂණයෙන් හෙළි වී ති‍බෙනවා‍.

    එම සමීක්‍ෂණයෙන් වත්මන් ජනාධිපති ජයිර් බොල්සනාරෝ සියයට 33 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි වනු ඇතැයි, අපේක්‍ෂා කරන  බවයි.

    කෙසේ වෙතත් බොල්සනාරෝ පරාජය පිළිගැනීම, ප්‍රතික්ෂේප කළ හොත් මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය පිළිබඳව විද්වතුන් කනස්සල්ල පළ කර තිබෙනවා.

    ඔවුන් පවසන්නේ, මහ මැතිවරණ කාලසීමාවේ සහ ඉන් පසුව බ්‍රිසීලයේ නොසන්සුන් තත්වයක් ඇති වන බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 සැප්තැම්බර් 2022 10:34

    Latest News