"එක් තීරයක් එක් මාවතක්" යනු ජයග්‍රහණයේ මෙන්ම බලාපොරොත්තුවේ මාවතක් බව චීනය කියයි...

සැප් 15, 2022

    “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ මගින් එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට සහය දැක්වීම පිළිබඳ ප්‍රගති සමාලෝචන සමුළුව පැවැත්වෙයි.

    මෙය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර දූත මණ්ඩලය සහ ජගත් ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (14) පවත්වනු ලැබීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා එහිදී දේශනයක් පවත්වමින් පැවසුවේ, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යනු, 2030 සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට දායක වන චීන ප්‍රඥාව සහිත ප්‍රශස්ත විසඳුමක් බවයි.

    “එක් තීරයක් එක් මාවතක්” යනු ගෝලීය හවුල්කාරීත්වය සඳහා ජයග්‍රාහී සහයෝගිතා මාර්ගයක් මෙන්ම ගෝලීය තිරසර සංවර්ධනය සඳහා වන බලාපොරොත්තුවේ මාවතක් ද වේ. එය වත්මන් ලෝකයේ පුළුල්ම සහ විශාලතම ජාත්‍යන්තර සහයෝගිතා වේදිකාව බවට පත්ව ඇති බව ද Zhang Jun මහතා එහිදී පැවසීය.

     

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට....

    Latest News