යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවල විදුලිය ඇනහිටියි

සැප් 12, 2022

    ‍‍යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවල විදුලිය ඇනහිට ඇති බව, එරට බලධාරීන් පවසනවා.

    ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ, රුසියානු ප්‍රහාර මීට හේතුව බවයි.

    කාකිව් සහ ඩොනෙට්ස්ක් යන ප්‍රදේශවලට මින් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ලක්ෂ 90 ක පමණ පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි, යුක්‍රේනය පවසන්නේ. පසුගිය දිනවල ඇති වූ ගැටුම්වලින් රුසියාව අත්පත් කර ගෙන සිටි ප්‍රදේශ රැසක බලය යළි අත්පත් කර ගැනීමට හැකි වූ බවද, යුක්‍රේනය පවසනවා.

    Latest News