ජපානයේ කොරෝනා සීමා, තවදුරටත් ලිහිල් කෙරේ

සැප් 12, 2022

    ජපානය, කොරෝනා වෛරස ව්‍යාප්ති පාලනයට පනවා තිබූ සීමා, තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ, එරට ආර්ථිකය නඟාසිටුවීමේ අරමුණින්.

    වෛරස ව්‍යාප්ති පාලනය සඳහා විදේශ සංචාරකයින්ට දැඩි දේශසීමා නීති බලාත්මක කර තිබුණා. කෙසේ වුවද මේ වන විට ලොව ප්‍රබල ආර්ථිකයකට හිමිකම් කියන ජපානයද දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙම තත්වය පාලනය කිරීමට එරට රජය පියවර රැසක් ගනිමින් සිටින බවයි, වාර්තා වන්නේ. ජපාන "යෙන්" මුදල් ඒකකය ඉකුත් සතියේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පහළම අගයකට වැටී තිබුණා. සියයට 1.7 ක් ලෙස වාර්තා වූ එම අගය, වසර 24 ක් තුළ "යෙන්" මුදල් ඒකකය පහළම මට්ටමට පත් වූ අවස්ථාවක් ලෙසයි, සැලකෙන්නේ.

    Latest News