දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහය, එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මන්දිරයට

සැප් 12, 2022

    අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහය, මේ වන විට එඩින්බරෝහි පිහිටි හොලිරූඩ්හවුස් මන්දිරයට රැගෙන ‍විත් තිබෙනවා.

    දේහය, අද දිනයේ ශාන්ත ගිල්ස් දේවස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි. ඒ, ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

    රැජින මිය ගිය බැල්මෝරල් මාලිගයේ සිට පැය 6 ක ගමනකින් පසුව හොලිරූඩ්හවුස් මන්දිරය වෙත රැගෙන එනු ලැබුවේ, රිය පෙරහැරකින්. ජනතාව, මඟ දෙපස රැස්ව තම ආදරණීය රැජිනට අවසන් ගෞරව දක්වනු ලැබුවා. දේහය, හෙට දිනයේ ලන්ඩන් බලා ගුවනින් රැගෙන යාමට නියමිතයි. ඉන් අනතුරුව, දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවට රැගෙන යනු ඇති. රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා සිදු කිරීමට නියමිතයි.

    මේ අතර, මහ රැජිනගේ අභාවයත් සමග ඇය යටතේ පැවති "ඇන්ටිගුවා" රාජ්‍යය, බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉවත් වීමට සූදානම් වනවා. ඇන්ටිගුවා අග්‍රාමාත්‍ය ගැස්ටන් බ්‍රවුනේ පවසන්නේ, ඉදිරි වසර 3 ඇතුළත බ්‍රිතාන්‍යය පාලනයෙන් වෙන්වීම සඳහා ජනමත විචාරණයක් පවත්වන බවයි. ලබන වසරේ මැතිවරණයෙන් යළි තේරි පත් වුවහොත්, අනිවාර්යයෙන්ම මෙම ජනමත විචාරණය පවත්වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

    Latest News