"ආටෙමිස් වන්" රොකොට්ටුව අද (03) අභ්‍යාවකාශයට...

සැප් 03, 2022

    "ආටෙමිස් වන්" රොකොට්ටුව අද අභ්‍යාවකාශ ගත කරන බව නාසා ආයතනය පවසනවා. 

    ඒ  අමෙරිකානු  වේලාවේ පස්වරු 2.17 ට. මිනිසුන් රහිත  මෙම මෙහෙයුමේ අරමුණ සඳ තරණයි.  "ආටෙමිස් වන්" රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව ති‍බුණේ පසුගිය සතියෙයි. ඒ සඳහා  උත්සහ කිරීමේදී හට ගත් තාක්ෂණික ගැටලු හා කාළගුණික තත්වය හේතුවෙන් මෙහෙයුම කල් දැමුණා. තාක්ෂණික පරික්ෂණ වලින් පසුව අද දින මෙම රොකට්ටුව ගුවන් ගත කිරීමට නියමිතයි. "ආටෙමිස් වන්" යනු පරික්ෂණ මෙහෙයුමක්. මෙය මිනිසුන් රහිත රොකට්ටුවක් වන අතර නාසා ආයතනය අපේක්ෂා කරන පරිදි, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් "ආටෙමිස් ටූ" මෙහෙයුමේදී පුද්ගලයින් රැගෙන යාමට නියමිත බව, නාසා ආයතනය සඳහන් කරනවා.

    Latest News