චීන ගගනගාමීහු ප්‍රථම වරට වෙන්ටියැන් පර්යේෂණාත්මක මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම් අරඹති...

සැප් 02, 2022

    චීනයේ ෂෙන්චෞ 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව වෙන්ටියැන් පර්යේෂණාත්මක මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම්වල නිරතවෙති.  

    බෙයිජිං වේලාවෙන් ඊයේ (01) රාත්‍රී 19.09 වන විට එම අභ්‍යවකාශ යානයේ සිටි Chen Dong හා Liu Yang යන ගගනගාමීහු දෙදෙනා සාර්ථක ව වෙන්ටියැන් මොඩියුලයෙන් බැහැරට පැමිණ සිටියහ. ඔවුන් දෙදෙනා පැය 7ක පමණ කාලයක් එසේ අභ්‍යවකාශ යානයට පිටතින්, මොඩියුලයට අදාළ විවිධ විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතුවල නිරත වූහ. ඒ අතරතුර, Cai Xuzhe ගගනගාමියා කේන්ද්‍රීය මොඩියුලයේ සිට ඔවුන්ට තාක්ෂණික සහය ලබදුන්නේය.  මෙය, චීන ගගනගාමීන් වෙන්ටියැන් පර්යේෂණාත්මක මොඩියුලයෙන් බැහැර ව හිඳිමින් ක්‍රියාකාරකම් සිදුකළ පළමු අවස්ථාව වීම විශේෂත්වයකි.

    Latest News