ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 18ක් මරුට...

සැප් 03, 2022

    බටහිර ඇෆ්ගනිස්ථානයේ "හෙරාත්" නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉහළ පෙළේ තලේබාන් හිතවාදී විද්වතෙක් සහ සිවිල් වැසියන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා  

    තවත් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හෙරාත් පළාතේ ආණ්ඩුකාරවරය මාධ්‍යයට පැවසුවා. ගුසර්ගා මුස්ලිම් පල්ලියේ සිකුරාදා දේව මෙහෙය ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර තිබෙනවා. මුජිබ් රහ්මාන් අන්සාරි ප්‍රධාන‍ පෙළේ තලේබාන් හිතවාදී විද්‍වතෙක් මෙන්ම පුජකවරයෙකු ලෙස සැලකෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරු මුජිබ් රහ්මාන් අන්සාරි වෙත පැමිණ ආචාර දැක්වුවාට පසු බෝම්බය පුපුරාගත් බව පොලිස් වාර්තාවල සඳහන්. තලේබාන් ප්‍රකාශක "සබිහුල්ලා මුජහිඩ්" පැවසුවේ බෝම්බ ප්‍රහාර පිටුපස සිටින අපරාධකරුවන්ට දඩුවම් කරන බවයි. ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් තවමත් බාර ගෙන නැහැ.

    Latest News