නාසා ආයතනය සඳගමන අවලංගු කරයි

අගෝ 30, 2022

    නාසා ආයතනය ඊයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටි සඳගමන අවලංගු කර තිබෙනවා. රොකට්ටුවේ ප්‍රධාන එන්ජිමක ඇතිවූ දෝෂයක් මීට හේතුවයි.

    මෙම මෙහෙයුම නම් කෙරුණේ, ආටිමිස් යනුවෙන්. ඒ සඳහා නව රොකට්ටුවක්ද නිපදවා ඇති අතර, එය නාසා ආයතනය විසින් මෙතෙක් නිපදවූ විශාලතම බලැති රොකට්ටුව බවයි වාර්තා වන්නේ.

    එම රොකට්ටුව එරට වේලාවෙන් ඊයේ උදෑසන 8.33 ට අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීම‌ට නියමිතව තිබුණා. එම යානය චන්ද්‍රයා වටා කක්ෂගත වී සති 6කින් පසුව නැවත පෘථිවියට ලඟාවීමට සැළසුම් කර තිබෙනවා.

    මෙම මෙහෙයුම මිනිසුන් රහිතව ක්‍රියාත්මක වුවත් මෙහි ඉදිරි මෙහෙයුමකදී මිනිසුන් සහිතව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරුණු පරීක්ෂා කිරීම සිදු කරනු ඇති. ඉන් අනතුරුව මෙම මෙහෙයුම අඟහරු තරණය කිරීම දක්වා ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි, නාසා ආයතනය පවසන්නේ.

    ඊයේ ගුවන්ගත කිරීම අත්හිටුවනු ලැබුවද බොහෝවිට සිකුරාදා වන විට මෙම රොකට්ටුව යළි ගුවන් ගත කළ හැකි බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 30 අගෝස්තු 2022 09:33

    Latest News