පකිස්තාන භූමියෙන් තුනෙන් එකක් මුලුමනින්ම යටවෙයි

අගෝ 30, 2022

    ගංවතුර හේතුවෙන් මේ වන විට පකිස්තාන භූමියෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා. දශක ගණනාවකට පසු එරටට බලපෑ දරුණුතම ගංවතුර මෙයයි.

    අයහපත් කාලගුණය නිසා එරට සෑම පුද්ගලයින් හත් දෙනකුගෙන් එක් අයෙකු බලපෑමට ලක්ව තිබෙනවා. ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන්, දැඩි ලෙස පීඩාවිඳින බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    පාලම් කැඩීයාම සහ ප්‍රවේශ මාර්ග අවහිර වීම නිසා සැපයුම් වලට විශාල ලෙස බාධා එල්ල වී ඇති බව, බලධාරීන් පවසනවා. කඳුකර ප්‍රදේශ වල සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස, රජය දැනුම්දී තිබෙනවා.

    ගංවතුර හේතුවෙන්, මියගිය පිරිස එක්දහස් ඒකසීය ඉක්මවා ඇති අතර, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව ගණන් බලා නැහැ.

    විනාශ වූ නිවාස සංඛ්‍යාව, ලක්ෂ 7කට අධිකයි. ගංවතුරෙන් අවතැන්වූ පිරිස මිලියන 33 ඉක්මවන අතර, ඔවුන් බොහෝ දෙනෙකු විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා.

    Last modified on අඟහරුවාදා, 30 අගෝස්තු 2022 11:55

    Latest News