නාසා ආයතනය සඳමතට තවත් මෙහෙයුමක්

අගෝ 29, 2022

    නාසා ආයතනය සඳමතට තවත් මෙහෙයුමක් දියත් කිරීම‌ට සූදානම් වනවා. අනාගතයේ අඟහරු මතට සිදුකරන මෙහෙයුමකට පූර්ව සූදානමක් ලෙස මෙය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    ආටිමිස් යනුවෙන් මෙම මෙහෙයුම නම් කර තිබෙනවා. ඒ සඳහා නව රොකට්ටුවක්ද නිපදවා ඇති අතර එය නාසා ආයතනය විසින් මෙතෙක් නිපදවූ විශාලතම බලැති රොකට්ටුව බවයි වාර්තා වන්නේ.

    එම රොකට්ටුව අද එරට වේලාවෙන් උදෑසන 8.33 ට අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීම‌ට නියමිතව තිබෙනවා. එම යානය චන්ද්‍රයා වටා කක්ෂගත වී සති 6කින් පසුව නැවත පෘථිවියට ලඟාවීමට නියමිතයි.

    මෙම මෙහෙයුම මිනිසුන් රහිතව ක්‍රියාත්මක වුවත් මෙහි ඉදිරි මෙහෙයුමකදී මිනිසුන් සහිතව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරුණු පරීක්ෂා කිරීම සිදු කරනු ඇති.

    නාසා ආයතනය මෙම මෙහෙයුම තුළදී ප්‍රථම වරට කාන්තාවක් සහ සුදු ජාතික නොවන පුද්ගලයෙක් සඳ ගමනට සහභාගී කරගැනීමට සූදානම් වනවා. ඉන් අනතුරුව මෙම මෙහෙයුම අඟහරු තරණය කිරීම දක්වා ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි නාසා ආයතනය පවසන්නේ.

    Last modified on සදුදා, 29 අගෝස්තු 2022 11:29

    Latest News