පකිස්තානයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ආහාර අර්බුදයක්

අගෝ 29, 2022

    පකිස්තානයේ ගංවතුරෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට මේ වන විට ආහාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව විශාල ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. 

    පාලම් කැඩීයාම සහ ප්‍රවේශ මාර්ග අවහිර වීම නිසා සැපයුම් වලය විශාල ලෙස බාධ එල්ල වී ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඇතැම් ප්‍රදේශ ගංවතුර හේතුවෙන් පූර්ණ වශයෙන් වෙන් වී ඇති අතර ඔවුන් ඉතා දැඩි දුශ්කරතාවලට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    විදුලිය සහ සන්නිවේදන පහසුකම් නොමැතිවීම තවත් ගැටලුවක් වී ඇති අතර මේ හේතුවෙන් තවත් බොහෝ ප්‍රදේශ වල තොරතුරු කිසිවක් ලබාගැනීම පවා අපහසු වී ඇති බවයි පැවසෙන්නේ.

    ගංවතුර හේතුවෙන් මියගිය පිරිස දහස ඉක්මවා ඇති අතර අතුරුදන්වූවන් ප්‍රමාණය තවමත් නිසි ලෙස ගණන් බලා නැහැ. විනාශ වූ නිවාස සංඛ්‍යාව ලක්ෂ 7කට අධිකයි.

    ගංවතුරෙන් අවතැන්වූ පිරිස මිලියන 3 ඉක්මවන අතර ඔවුන් බොහෝ දෙනෙක් විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා. තම රටට විදෙස් ආධාර අවශ්‍ය වී ඇති බව පකිස්ථාන රජය පවසනවා. රටවල් කිහිපයක්ම මේ වන විට පකිස්තානයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 29 අගෝස්තු 2022 11:28

    Latest News