2022 ලෝක 5ජී සම්මේලනය ඇරඹේ

අගෝ 11, 2022

    2022 ලෝක 5ජී සම්මේලනය චීනයේ හර්බින් නගරයේ දී ඇරඹේ.

    ඊයේ(10) ඇරඹුණු සම්මේලනයේ තේමාව ‘5ජී+, සැමගෙන් සැමට’යන්නයි. මෙම වස‍ර 5ජී තාක්ෂණය වාණිජ සේවාවන් සඳහා යොදාගැනීමේ තුන් වැනි සංවත්සරය වීම ද විශේෂත්වයකි. මේ වනවිට චීනයේ 5ජී තාක්ෂණයේ මහා පරිමාණ උපයෝජන අවදියක් ආරම්භ වී ඇති අතර, එහි භාවිතය මනා සංවර්ධනයක් අත් කරගෙන ඇතැයි ක්ෂේත්‍රයේ බලධාරීහු පවසති.

    දැනට ලෝකයේ ව්‍යාපාර 200කට අධික සංඛ්‍යාවක් 5ජී වාණිජ අන්තර්ජාල සකස් කර ඇත. ඉදිරි වසර කිහිපය, 5ජී යෙදවුම් පරිසරය සංවර්ධනය කෙරෙන  වැදගත් අවදියක් වනු ඇත.

    දැනට, චීනයේ විශාල පරිමාණයේ මෙන්ම ඉහළ ගුණාත්මක අන්තර්ජාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නිමාවෙමින් පවතී. 5ජී තාක්ෂණ සංවර්ධනය, මහා පරිමාණ අන්තර්ජාල ගොඩනැගීම, උපයෝජනය හා ප්‍රචලිත කිරීම දක්වා පුළුල් කර ඇත. 5ජී තාක්ෂණය, කාර්මික, බලශක්ති, සෞඛ්‍ය සේවා හා කෘෂිකර්මය ඇතුළු කර්මාන්ත සමග සංයෝග කර සංවර්ධනයට ද චීනය පියවර ගනී.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

    චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News