බ්‍රිතාන්‍ය රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක් හදිසියේ ඇඳවැටෙයි

ජූලි 27, 2022

    ‍‍‍‍‍බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකාවක දේශපාලන විවාදයක් අතරතුර එහි නිවේදිකාව ක්ලාන්ත වී ඇද වැටී තිබෙනවා.  මෙය අද විදෙස් මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක් වූ පුවතක් බවට පත්  වුණා.

    ටොරිහි නායකත්වය නෙහොත් බ්‍රිතාන්‍ය කන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා පුද්ගලයෙකු තෝරා ගැනීමට නියමිතයි. එහි ඡන්ද විමසීමට පෙර අපේක්ෂකයන් අතර ප්‍රසිද්ධ විවාද පැවැත්වෙනවා.

    ඒ අනුව, රිෂී ‍සුනක් සහ ලිස් ට්‍රස් අතර විවාදය ටෝක් ටීවී  ඔස්සේ විකාශය වෙමින් පැවති අතර,  එහි නිවේදිකාව වූයේ කේට් මැකන්. අපේක්‍ෂකයන් දෙදෙනා සිය අදහස් ඉදිරිපත් කරමින් සිටියදී නිවේදිකාව හදිසියේ ක්ලාන්ත වී ඇද වැටුණා.

    එම අවස්ථාවේ දීම අදාළ සජීව වැඩසටහන නතර කිරීමටයි, නිලිකාව ක්‍රියා කළේ. මේ  වන විට එම නිවේදිකාව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සුවෙන් පසුවන බවයි, වාර්තා වන්නේ. සිදු වීම පිළිබඳ නාලිකාව සිය පේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

    Latest News