ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල් ගත කෙරේ

මාර් 30, 2023

    ෆ්‍රැන්සිස් පාප්වහන්සේ  ශ්වසන අපහසුතාවයකින් රෝගාතුර වීමත් සමග රෝහල් ගත කොට තිබෙනවා. ‍ උන්වහන්සේ රෝමයේ "ජෙමෙයිලා" රෝහලට ඇතුළත් කොට ඇති බව, වතිකානුව නිවේදනය කොට තිබෙනවා.

    86 හැවිරිදි වියේ පසුවන පාප්වහන්සේ, දින කිහිපයක සිට හුස්ම ගැනීමේ අපහසුතාවයකින් ‍රෝගාතුරව සිට තිබෙනවා. වෛද්‍යවරු කියා සිටින්නේ, එතුමන්ට කෙවිඩ් 19 ආසාදිත තත්වයක අවදානමක් නොමැති බවයි.‍ ‍

    නොබෝ දිනකින් යෙදෙන පාස්කු සැමරුම් උත්සවය සඳහා උන්වහන්සේ බොහෝ කාර්ය බහුල වීම සෞඛ්‍ය තත්වය දුර්වල වීමට හේතු වු බව, මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    මෙම සති අන්තයේ පාම් ඉරිදා දේව මෙහෙයන් ලබන සතියේ ශුද්ධ වූ සතිය සහ පාස්කු  ප්‍රධාන දේවමෙහෙය එතුමන්ගේ ප්‍රධානන්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    පාප් වහන්සේ රෝගාතුර වීමත් සමග ලෝක නායකයින් ඇතුළු දෙස් විදෙස් ජනතාව උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කොට තිබෙනවා. එතුමන් අප්‍රේල්  මස අවසානයේ හංගේරියාවේ සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මාර්තු 2023 10:44

    Latest News