නැවතත් මුහුණු ආවරණ භාවිතයට හැඩගැසෙන ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි....

ජූලි 15, 2022

    නැවතත් මුහුණු ආවරණ හා සමාජ දුරස්ථභාවයට හැඩගැසෙන ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ‍ආද්මාන් ගෙබ්‍රියේසස් ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

    ගෝලීය වශයෙන් ‍‍කොවිඩ් 19 රෝගීන් ඉහළයාම මීට හේතුවයි. මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ‍ජනරාල්වරයා ප්‍රකාශ කළේ, වෛරසය නිදහසේ ක්‍රියාත්මක වන අතර, ගෝලීය රටවල් එය ව්‍යාප්තිය පාලනය සඳහා නිසි ලෙස ක්‍රියා නොකරන බවයි.

    කොවිඩ් 19 රෝගය, මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි අවස්ථාවක් ලෙස සැලකිය යුතු බව, එම සංවිධානය පසුගිය සතියේ නිගමනය කර තිබුණා. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, මෙම වසංගතය කිසි ලෙසකින් හෝ නිමා වී නැති බවයි. ඉකුත් සතිය තුළ ගෝලීය වශයෙන් කොවි‍ඩ් 19 රෝගීන් ලක්ෂක 57 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර, එය පෙර සතියට සාපේක්ෂ ව 6% ක වැඩි වීමකි.

    Latest News