චීනයත් 'බෝයිං' පියාසරය අත්හිටුවයි

මාර් 11, 2019

    චීනය, බෝයිං - 737 මැක්ස් -8 වර්ගයේ යානා පියාසර කරවීම අත්හිටුවීමට නියෝග කර තිබේ.

    ඒ, ඊයේ සිදුවූ ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුවයි. චීන බලධාරීන් අද නිවේදනය කළේ එරට වේලාවෙන් සවස 6.00ට සියලුම අභ්‍යන්තර ගමන් සඳහා යොදවා තිබූ බෝයිං-737 මැක්ස්-8 වර්ගයේ යානා පියාසර කරවීම නැවැත්විය යුතු බවයි. පසුගිය මාස 5 ඇතුළත එම වර්ගයේ ගුවන් යානා දෙකක් අනතුරට ලක්විය. එම අනතුරු දෙකම සිදුව ඇත්තේ, බොහෝ සෙයින් සමාන ආකාරයටයි.

    චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ, එම යානා යළි ගුවන් ගත කළ යුතු දිනය, ඉදිරියේ දී දැනුම් දෙන බවයි.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 12:33

    Latest News