රුසියානු හමුදා, ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරයි...

මැයි 26, 2022

    රුසියානු හමුදා, ඩොන්බාස් කලාපයේ නගර 40කට වැඩි සංඛ්‍යාවකට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි, යුක්‍රේන බලධාරීන් පවසනවා.

    මේ අතර යුක්‍රේන ජනපති වොලොදොමීර් සෙලෙන්ස්කි සිය ජනතාවට නිවේදනය කරන්නේ, යුක්‍රේනය ආරක්‍ෂා කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි. යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයට අයත් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල නගර 40කට වැඩි සංඛ්‍යාවකට එල්ල කෙරුණු රුසියානු ප්‍රහාරවලින් නිවාස 38ක් සහ පාසලක් ද ඇතුළුව තවත් ගොඩනැගිලි 47ක් විනාශ වූ බවයි, යුක්‍රේන බලධාරීන් පවසන්නේ. එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් පස් දෙනෙකු ද මියගොස් තිබෙනවා. මේ අතර යුක්‍රේන හමුදා පවසන්නේ, මේ දක්වා එල්ල කෙරුණු රුසියානු ප්‍රහාරවලින් ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ පමණක් සිවිල් වැසියන් 431 දෙනෙකු මියගොස් ඇති බවයි, එම ප්‍රදේශයේ දරුවන් 150කට අධික පිරිසක් ද මේ වනවිට මියගොස් තිබෙනවා.

    Latest News