ඉරානය ඩ්‍රෝන නිපදවීමේ කර්මාන්ත ශාලාවක් අරඹයි

මැයි 27, 2022

    ඉරානය, යුධමය වශයෙන් භාවිත කළ හැකි ඩ්‍රෝන යානා නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කර තිබේ. යුදමය අවශ්‍යතාවක් සඳහා ඉරානය ආරම්භ කළ පළමු කර්මාන්ත ශාලාව මෙයයි.

    නව ඩ්‍රෝන කර්මාන්ත ශාලාවක තජිකිස්ථානයේ ස්ථාපනය කර තිබේ. මෙය ඉරාන - තජිකිස්ථාන මිත්‍රත්වය මත ගොඩනැගූ ව්‍යාපෘතියක්. එහි නිෂ්පාදනය කෙරෙන ඩ්‍රෝන යානා ඉරානයේ ජාතික ආරක්ෂාව සඳහා මෙන්ම සෙසු රටවලට අලෙවි කිරීමට ද බලාපොරොත්තු වෙයි.

    ඉරානයේ හා එම කලාපයේ මිත්‍ර රටවල යුද ශක්තිය වර්ධනය කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

    විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇෆ්ගනිස්ථානයේ යුදමය වාතාවරණය හේතුවෙන් බටහිර රටවලින් තම කලාපය ආරක්ෂා කර ගැනීමට ඉරානය බලාපොරොත්තු වන බවයි.

    Latest News