වසර 30කට පසු ප්‍රංසයේ අගමැති ධුරය කාන්තාවකට

මැයි 18, 2022

    ප්‍රංසයේ නව අගමැති ලෙස එලිසබෙත් බෝර්න් නම් කළ බව සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේය. ප්‍රංසයේ අගමැති ධුරයට කාන්තාවක පත් වූයේ වසර 30කට පසුවයි.

    පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංස ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ, හිටපු අගමැති ජීන් කාස්ටෙක්ස් වෙනුවට එලිසබෙත් බෝර්න් මින් ඉදිරියට කටයුතු කරනු ඇති බවය.

     

    මීට පෙර ප්‍රංසයේ කම්කරු, ප්‍රවාහන සහ පාරිසරික ඇමැතිවරිය ලෙස කටයුතු කළ 61 හැවිරිදි එලිසෙබත් බෝර්න් ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ ජනපති සටනේදී වැඩි කාර්යභාරයක් ඉටු කර තිබිණි.

    Last modified on බදාදා, 18 මැයි 2022 12:02

    Latest News