සෝමාලියාවේ පැය 33ක ඇඳිරි නීති තත්වයක්... 

මැයි 15, 2022

    සෝමාලියාවේ ආරක්‍ෂක අංශ එරට මොගඩිශු අගනුවර සහ අවට ප්‍රදේශයට පැය 33ක ඇඳිරි නීති තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ ජනාධිපතිවරණ සමයේ දී ඇතිවිය හැකි උණුසුම්කාරී තත්වය පාලනය කිරීම සඳහායි. මෙම ඇඳිරි නීතිය රථවාහන හා ජනතාව යන පාර්ශව දෙකම ආවරණය වන පරිදි පනවා ඇති බවයි, වාර්තා වන්නේ. නීති සම්පාදකයින්, ආරක්‍ෂක අංශ නිලධාරීන් හා මැතිවරණයට සම්බන්ධ පිරිස් සඳහා මෙම ඇඳිරි නීතිය වලංගු වන්නේ නැහැ. එරට ආරක්‍ෂක අංශ පවසන්නේ, ජනාධිපතිවරණයේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා, ප්‍රචණ්ඩ ක්‍රියා හා වෙනත් සිද්ධීන් මඟහරවා ගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. එරට වත්මන් නායක මොහොමඩ් අබ්දුල්ලාහි දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News