ඉන්දීය සබ්මැරීනයක් පළවා හැරේ

මාර් 06, 2019

    පාකිස්ථාන නාවික කලාපයට ඇතුලුවීමට උත්සාහ කළ ඉන්දීය සබ්මැරීනයක් පළවා හැරිය බව එරට නාවික හමුදාව නිවේදනය කරයි.

    ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි. ඒ අතර, සබ්මැරීනයේ වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද පාකිස්ථානය කටයුතු කර ඇත. ඉන්දීය කාශ්මීරයට අයත් පුල්වාමාහිදී ඉන්දීය හමුදා ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 40කට අධික පිරිසක් මියයාමෙන් පසු දෙරට අතර මතභේදාත්මක තත්වයක් උද්ගත විය.

    ප්‍රහාරයේ වගකීම පාකිස්ථානයේ ක්‍රියාත්මක ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්තවාදීන් විසින් බාරගත්ත ද ඊට පාකිස්ථාන රජය සෘජුවම වගකිව යුතු බව ඉන්දියාව පවසයි.

    Latest News