බිහිසුණු දුම්රිය අනතුරක් 9ක් මරුට

ඔක් 30, 2023
    ඉන්දියාවේ, අන්ද්රා ප්රදේශයේ අද (30) උදෑසන සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියක සංඥා නොලැබීම හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේ දී විශාකාපට්නම් සිට රයගාදා දක්වා ධාවනය වූ මගී දුම්රියක ගැටී තිබෙනවා.

    මෙම අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදුව ඇති බවටයි, ඉන්දීය මාධ්ය වාර්තා කරනනේ.
    මීට මාස කිහිපයකට පෙර දී ද ඔඩීෂා ප්රාන්තයේ දුම්රිය තුනක් එකිනෙක ගැටී සිදු වූ බිහිසුණු අනතුරකින් මගීන් 280කට අධික පිරිසක් මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබුවා.

    Latest News