අපරාජිත ඉන්දියානුවෝ ඉදිරියට

නොවැ 16, 2023
    ඉන්දියාව, සිවුවැනි වරටත් ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

    ඒ, මෙවර තරගාවලියේ ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය පරාජය කරමින්.

    ඉන්දියා අපරාජිත කණ්ඩායම ලෙසයි අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායි නුවර වන්කඩේ ක්රීඩාංගණයේ දී.
     
    කාසිය වාසිය ජයගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397 ක් රැස් කළා.
     
    සුපිරි ඉනිමක් දියත් කළ විරාත් කෝලි නව ලෝක වාර්තාවක් වාර්තාවක් පිහිටවනු ලැබුවේ ලොව වැඩිම එක්දින ශතක සංඛ්යාවක් වාර්තා කළ ක්රීඩකයා ලෙසයි.ඔහු ඊයේ වාර්තා කළේ සිය පනස් වැනි එක්දින ශතකය. කෝලි ලකුණු 117 කට දැවී ගියා.
     
    ශ්රෙයාස් අයියර් ලකුණු 105 යි. පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 48යි පන්දු 5 කදී සියලු ක්රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 327 ක් පමණයි. ඩැරල් මිචෙල් ලකුණු 134 යි.
     
    පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි කඩුලු 7 ක් දවාගත්තා. තරගයෙන් ඉන්දියාව ජය ගත්තේ ලකුණු 70 කින්.
     
    තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ දකුණු අප්රිකාව සහ ඕස්ට්රේලියාව අතරයි.

    Latest News