වායු දූෂණය වැඩිම නගර 10 අතර 07ක් ඉන්දියාවෙන්

මාර් 06, 2019

    2018 වසරේ ලොව වායු දූෂණය ඉහළම නගර 10 න් 07ක්ම ඉන්දියාවේ පිහිටා ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

    ඒ අනුව ලොව දූෂිතම නගරය බවට ඉන්දියාවේ දිල්ලි අගනුවරට නිරිත දිගින් පිහිටි ගුරුග්‍රාම් නගරය නම් කර ඇත. ගාසියාබාද් නගරය එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබේ. වායු දූෂණය වැඩිම නගර 10 අතරට පාකිස්ථානයේ ෆයිසලාර්බාද් සහ ලාහෝර් යන නගර මෙන්ම චීනයේ හොටෑන් නගරය ද ඇතුලත්ව ඇත.

    ලොව වායු දූෂණය වැඩිම නගර 30 සැලකිල්ලට ගැනීමේදී ඉන් 22 ක්ම ඉන්දියාවේ නගර වන අතර චීනයේ නගර 05 ක් පාකිස්ථානයේ නගර දෙකක් සහ බංග්ලාදේශයේ එක් නගරයක් ඒ අතර වන බව, වාර්තා වේ. කෙසේවෙතත් වායු දූෂණය වැඩිම නගර අතරට පත්ව සිටි චීනයේ බීජිං ඇතුළු නගර කිහිපයක් 2018 වසරේදී සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇති බව අදාල සමීක්ෂණයෙන් අනාවරණය කර ඇත.

    Latest News