ඉන්දියාවට දුන් තීරුබදු සහනය ට්‍රම්ප් අත්හිටුවයි

මාර් 06, 2019

    ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවීමට තීරණය කළ බව,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    අමෙරිකා එක්සත් ජනපදය ලබාදුන් වෙළෙඳ සහනය යටතේ ඉන්දියාවෙන් අමෙරිකාව වෙත අමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් වටිනා තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට අවස්ථාව හිමිවී තිබිණ. අමෙරිකාවත්, ඉන්දීය රජයත් අතර පැවැති සාකච්ජා අසාර්ථකවී ඇති බවයි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොංග්‍රස් නායකයින්ට ලිපියක් යවමින් සඳහන් කර තිබුණේ.

    රටවල් දෙක අතර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවීම නිසා තීරුබදු සහනය අත්හිටුවන බව, ජනාධිපතිවරයා පවසා තිබේ. අමෙරිකාව සහ අනෙකුත් රටවල් අතර වෙළෙඳ හිඟය අඩු කරන බවයි, ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ. ඉන්දියාවේ තීරුබදු ඉහළ බව ද ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම පවසා තිබිණ.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 08:50

    Latest News