ඉහළ ගිය ඉන්දීය ආහාර මිල යළි පහළට

අප්‍රේ 19, 2022

    යුක්‍රේන අර්බුදය නිසා ඉහළ ගොස් ඇති ආහාර මිල යළි පහත හෙලීමට ඉන්දියාව සූදානම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ලෝක වෙළෙඳ සංවිධානයේ අවසරය හිමිවන්නේ නම් ඊට තමා සූදානම් බවයි ඔහු කියා සිටින්නේ.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග පසුගියදා පැවති සාකච්ජාවක දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගෝලීය වශයෙන් තිරිඟු හා ධාන්‍ය මිල මේ වන විට ඉහළ ගොස් තිබේ.

    ගෝලීය ධාන්‍ය අවශ්‍යතාවෙන් 30%ක් සපයනු ලබන්නේ, යුක්‍රේනය හා රුසියාවයි. දෙරට අතර යුද්ධය නිසා එම ප්‍රමාණය අහිමිවීම මිල ඉහළ යාමට හේතුවී තිබේ.

    විකල්පයක් ලෙස ලෝක වෙළෙඳ සංවිධානයේ අවසරය ලැබෙන්නේ නම් ධාන්‍ය හිඟය පියවීම සඳහා සහල් හා සූර්යකාන්ත ඇට අපනයනය කිරීමට ඉන්දියාව යෝජනා කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 19 අප්‍රේල් 2022 13:58

    Latest News