'මොස්ක්වා' මුහුදේ ගිලී යයි

අප්‍රේ 15, 2022

    රුසියාවේ ප්‍රභල යුධ නෞකාවක් වන මොස්ක්වා මුහුදේ ගිලී ගොස් ඇති බව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඉකුත් බදාදා දැවැන්ත ප්‍රහාරයකට ලක්වූ එම නෞකාව කලු මුහුද ආසන්න වරායක් වෙත රැගෙන යමින් තිබියදී ගිලී ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    මේ හේතුවෙන් රුසියාව යුක්‍රේනයේ කියෙව් අගනුවර සටන් තවදුරටත් දැඩි කර තිබේ.
    යුක්‍රේනයට පහරදීමට සාගරයේ සිට විශාල මෙහෙයුමක් මෙහෙයුමක් සිදුකළ රුසියානු නෞකාවක් ලෙසයි, මොස්ක්වා සැළකෙන්නේ.

    නෞකාවට ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ 510ක පමණ කාර්ය මණ්ඩලයක් එහි සිට තිබේ. කෙසේ වුවද ඔවුන්ට සිදුවූ හානිය පිළිබඳව නිශ්චිත වාර්තා පළ වී නැහැ.

    යුක්‍රේනය ප්‍රකාශ කර ඇත්තේ, මිසයිල ප්‍රහාරයක් දියත්කොට නෞකාව විනාශ කළ බවයි.

    Last modified on සිකුරාදා, 15 අප්‍රේල් 2022 11:58

    Latest News